News Line| Off Air
Generic placeholder image

Dec
31

පැන ගිය කොරෝනා රැඳවියන්ගේ විස්තර මාධ්‍යයට – තොරතුරක් වේ නම් දැනුම් දෙන්නැයි පොලිසිය කියයි

878 Views


පැන ගිය කොරෝනා රැඳවියන්ගේ විස්තර මාධ්‍යයට – තොරතුරක් වේ නම් දැනුම් දෙන්නැයි පොලිසිය කියයි

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන පළා ගිය රැඳවියන් සෙවීම සඳහා මේ වනවිට පොලිසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, ඒලෙස පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වේ නම් පොළොන්නරුව, මුලස්ථාන පොලිස් පරීක්ෂණ සදහා වන 071 8 591 233 අංකය වෙත හෝ 119 වෙත දැනුම් දෙන ලෙසයි.

පළාගිය රැඳවියන්ගේ තොරතුරු පහතින් :

  • දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි.
  • මද්දුමරාලලාගේ කවිදු මධුශාන්. වයස 27යි. අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.
  • විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.
  • ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා. වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.
  • පී.කේ සුමිත් පුෂ්පකුමා ර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.


News Articles
Latest Videos
Most Popular Post