News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

බස්නාහිරින් ගිය තවත් 16ක් ආසාදිතයින් වෙයි – යුක්‍රේනයෙන් ආ තවත් තුනකටත් කොරෝනා

423 Views


බස්නාහිරින් ගිය තවත් 16ක් ආසාදිතයින් වෙයි – යුක්‍රේනයෙන් ආ තවත් තුනකටත් කොරෝනා

බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ කළ තවත් 16 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඉකුත් 18 වැනිදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයින්ට කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 90ක්.

මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කොරෝනා වෙෙරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන ජාතිකයින් ගණන 6 දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ දිනය තුළ හදුනාගත් නව ආසාදිතයින් 636 දෙනා සමග මෙරට සමස්ත රෝගීන් ගණන 42,702 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 38,697ක් ලෙසයි.

මේ අතර ඊයේ පස්වරුවේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 698 දෙනා සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 34,623 දක්වා ඉහළ ගියා.

එමෙන්ම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන 7,880ක්.


News Articles
Latest Videos
Most Popular Post