මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
අදාළ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අධිකරණ අමාත්‍යාවරයා වෙත භාර දීම සිදු කෙරුණා.
ඉකුත් නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය සමග රැදවියන් 11 දෙනෙකු මියගොස් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු රැදවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර, අතුරු වාර්තාවක් සහ මසකින් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දෙමින් අධිකරණ අමාත්‍යවරයා අදාළ පංච පුද්ගල කමිටුව පත් කළා.
ඒ අනුවයි එහි පූර්ණ වාර්තාව නිර්දේශ තුනක් සහිතව ඊයේ පස්වරුවේ විෂයය භාර අමාත්‍යවරයා වෙත භාර කෙරුණේ.