News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

පිහි ඇණුමකට ලක් වූ පොලිස් නිලධාරියෙක් රෝහලේ

546 Views


පිහි ඇණුමකට ලක් වූ පොලිස් නිලධාරියෙක් රෝහලේ

මහව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට ඊයේ රාත්‍රී පුද්ගලයෙකු පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි අදාළ පොලිස් සැරයන්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී පිරිස අතර සිටි අයෙක් සැරයන්වරයාට පිහියෙන් ඇණ ඇති බවයි.

බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මහව රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව නිකවැරටිය රෝහල වෙත මාරුකර යැවුණු අතර මේ වනවිට සැරයන්වරයා සැත්කමකට භාජනයකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇණුම සිදු කළ පුද්ගලයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සෙසු පිරිස සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post