අද දිනයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේසම් වන්නැයි සමාජ මාධ්‍ය පරිශීලකයින්ට පොලිසිය දැනුම් දෙනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, මෙරට රැදී සිටින නයිජීරියානු ජාතිකයින් විසින් සිදු කරන බවට සැක කෙරෙන වංචාකාරී ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිව ඇති බවයි.
ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සහ දුරකතනවලට ලැබෙන ව්‍යාජ පණිවිඩ පිළිබද අවධානයෙන් මෙන්ම ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.
එම නයිජීරියානු ජාතිකයින් අද දිනයේත් අදාළ ජාවාරම මෙහෙයවනු ඇති බවට සැක කෙරෙන බව අජිත් රෝහණ මහතා පැවසුවා.
එවැනි ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිටත් නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවනවා.