News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

693 Views


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල ශක්තිමත් වී තිබෙනවා.

දෛනික විනිමය අනුපාතික අද සටහනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 184.12ක් වන අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 189.18ක් ලෙසයි.

ශ්‍රී ලංකාමහ බැංකුව නිවේදනය කළේ, මෙය ඉකුත් දෙසැම්බර් 16 වැනිදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වන බවයි.

දෙසැම්බර් 24 වනවිට ඩොලරයක ගැනුම් මිල වාර්තා වුණේ රුපියල් 189.08ක් ලෙස වන අතර විකුණුම් මිල වාර්තා වී තිබුණේ රුපියල් 194.66ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post