News Line| Off Air
Generic placeholder image

Dec
31

යේමනයේ පිපිරීමක් – 22ක් මරුට (ඡායාරූප)

524 Views


යේමනයේ පිපිරීමක් – 22ක් මරුට (ඡායාරූප)

යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 50ක් පමණ තුවාල ලබා තිබෙනවා.

යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුවඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

අදාළ ගුවන් යානයේ නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසක් සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ.

මේ අතර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඒඩන්හි මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක ද තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැතැයි යේමන බලධාරීන් පැවසුවා.

කෙසේ වෙතත් යේමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල් මලික් සයීඩ් ප්‍රකාශ කළේ, මෙය බියගුලු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post