News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
1

ලියාපදිංචි නොකළ සැනිටයිසර්වලට වෙන්න යන දේ

587 Views


ලියාපදිංචි නොකළ සැනිටයිසර්වලට වෙන්න යන දේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ විෂබීජ නාශක අත් පිරිසිඳුකාරක (Hand Sanitizer) සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, එවැනි අත් සේදුම්කාරක ලියාපදිංචිකර, එහි ලියාපදිංචි අංකය අත් පිරිසිඳුකාරක සනීපාරක්ෂක ඇසුරුම්වල හෝ බහාලුම්වල මනාව පෙනෙන සේ සඳහන් කළ යුතු බවයි.

එසේ නොමැති නම් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ තොග හෝ සිල්ලර වශයෙන් අලෙවි කිරීම, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම, අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එය පෙබරවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

අදාළ ගැසට් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post