News Line| Off Air
Generic placeholder image

Jan
1

කොරෝනා ආසාදිතව සිටි තවත් 4 දෙනෙක් මිය යයි – දිනය තුළ ආසාදිතයින් 320ක් හඳුනා ගනියි

585 Views


කොරෝනා ආසාදිතව සිටි තවත් 4 දෙනෙක් මිය යයි – දිනය තුළ ආසාදිතයින් 320ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මියගිය තවත් 4 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

අදාළ තොරතුරුවලට අනුව එලෙස මිය ගොස් ඇත්තේ, අලයාඩිවෙම්බු, කොළඹ 14, අගලවත්ත සහ දර්ගා යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 208 දක්වා ඉහළ ගියා.

එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.

මේ අතර අද දිනයේ මේ දක්වා නව ආසාදිතයින් 320 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 39,891 දක්වා ඉහළ ගියා.

Image may contain: text that says 'රජයේ පුවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department of Govermment information 2021.01.01 Updated යාවත්කාලින කිරීම 18:20 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 03/202 නිකුත් කරන ලද වේලාව :18:20 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි දින මේ දක්වා දවුලපිටිය, පැළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවු සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව -39571 පැළියගොඩ කොච්ඩ පොකුරේ ආශ්‍ිතයින් 320 එකතුව 39891 (අද දිනට 320) නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිර්ුපෙන වය 6.0 தொt 1)2515759 www.news.ik'

එමෙන්ම අද දහවල් කොරෝනා ආසාදිතව සිටි තවත් 826 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 36,000 ඉක්මවා ගියා.

එම සංඛ්‍යාව දැක්වුණේ, 36,155ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post