News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප එළියට (ඡායාරූප)

595 Views


ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප එළියට (ඡායාරූප)

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

පෙරේදා අලුයම කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් 5 දෙනෙකු අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබුණා.

අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකින් එක් රැඳවියෙකු හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී සොයා ගත්තා.

එලෙස සොයා ගැනුණේ, මද්දුමරාලලාගේ කවිදු මධුශාන් නැමති 27 හැවිරිදි, අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පළාගිය රැඳවියන් පස්දෙනා උදෑසන 5.45ට පොළොන්නරුවෙන් කොළඹ බලා ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන් කර ඇති බව පසුව අනාවරණ වුණා.

එහි ගමන්ගත් සියලු මගීන්ට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසට ද සෞඛ්‍ය අංශ දැනුම් දුන්නා.

පළාගොස් ඇත්තේ, කොරෝනා වෛරය ආසාදනය වීම හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ සිට ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් සිටි රැඳවියන් පිරිසක්.

කෙසේ වෙතත් පළා ගිය අනෙක් ආසාදිත රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

එලෙස පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වේ නම් පොළොන්නරුව, මුලස්ථාන පොලිස් පරීක්ෂණ අංශයේ 0718 591 233 අංකය හෝ 119 අංකයට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

පළා ගිය ආසාදිත රැඳවියන් දෙදෙනෙකුගේ ඡායාරූප පහතින් :


News Articles
Latest Videos
Most Popular Post