කලක සිට මත්ද්‍රව්‍ය ලෙස පෙට්‍රල් පානය කිරීමට ඇබ්බැහි වී සිටි තරුණයෙකු ඊයේ ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
එම තරුණයා වසර කිහිපයක සිට ඊට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබුණත් දිගින් දිගටම පෙට්‍රල් පානයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඇති වූ මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් ඔහු ඊයේ පස්වරුවේ දිවි නසාගෙන ඇති බව පරීකෂණවලදී හෙළි වී තිබෙනවා.
එලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය, උණාවේලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.