News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
2

වායුගෝලය කැළඹෙයි – උතුරට සහ නැගෙනහිරට තද වැසි

479 Views


වායුගෝලය කැළඹෙයි – උතුරට සහ නැගෙනහිරට තද වැසි

දිවයිනේ උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ අදාළ පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි.

ඊට අමතරව උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි ඇති විය හැකි වනවා.

මේ අතර සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර මෙන්ම කළුතර දිස්ත්‍රික්කවලට තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post