News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

“ඉරුදෙණියාය” නවතම ටෙලි නිර්මාණය 11 වැනිදා සිට සියත TV ඔස්සේ

1180 Views


“ඉරුදෙණියාය” නවතම ටෙලි නිර්මාණය 11 වැනිදා සිට සියත TV ඔස්සේ

නයනි..

දඟකාර, කටකාර වුණත් අහිංසකකමින් පිරි සහ පිරිමි ගති ඇති සුන්දර පෙනුමක් උපතින්ම හිමි දුප්පත් යුවතියක්.

වරුණ..

ධනවත් පවුලක උපත ලද හැඩකාර කොල්ලෙක් වුණත් ඉගෙනීමට අනුවණ, ඒත් බුද්ධිමත් තරුණයෙක්.

හාත්පසින්ම වෙනස් පවුල් පසුබිම් හිමි නයනි සහ වරුණ අතර සුන්දර ආදර අන්දරයකට මුල පිරුණත් එය උපන් ගෙයිම මිය යන්නේ තෙවැන්නියකගේ බලපෑම නිසා ද?

නැතිනම් වරුණගේ වරදින් ද?

එසේත් නැතිනම් නයනි මඟ හැර ගිය නිසා ද?

වරුණ – නයනි ජීවිත කතාවල නැවතුම කොතැන ද?

ජීවිතයේ සහ ආදරයේ සැබෑ යථාර්ථය අවබෝධ කිරීම පිණිස, සම්මානනීය යූ.බී. රත්නායක මහතා සියත රූපවාහිනියට රචනා කරන “ඉරුදෙණියාය” ටෙලි වෘත්තාන්තය..

11 වැනි සදුදා සිට සතියේ දින පහේම රාත්‍රී 8.00ට සියත TV ඔස්සේ..

“ඉරුදෙණියාය” තේමා ගීතය පහතින් නරඹන්න

https://www.youtube.com/watch?v=5CADVutJVFo


News Articles
Latest Videos
Most Popular Post