කොටදෙණියාව, කරබොටුවාව ප්‍රදේශයේ අබලි යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරී යාමෙන් අයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා ඉන්දීය ජාතිකයින් බවයි.
අද උදෑසන සිදු වූ අදාළ පිපිරුමෙන් ඔවුන් තිදෙනා බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබුණා.
පොලිසිය පැවසුවේ, ඔවුන් මීරිගම රෝහලට ඇතුළත් කළ අතර එහිදී එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි.