හෙට සිට සහ අනිද්දා සිට දේශීය සංචාරකයින් සඳහා සංචාරක ස්ථාන කිහිපයක් වසා තැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.
ඒ, යුක්‍රේන සංචාරකයින් නැරඹීමට පැමිණීම හේතුවෙන්.
ඒ අනුව පොළොන්නරුවේ පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය (අංක 2), ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන ස්ථාන හෙට දහවල් 1 සිට වසා තැබෙනු ඇති.
එමෙන්ම අනිද්දා දහවල් 12 සිට සීගිරිය සංචාරක කලාපය ද දේශීය සංචාරකයින් සඳහා විවෘත නොකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කළා.
දිවයිනට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් දඹුල්ල හා මහනුවර යන සංචාරක කලාපවල ද ඉදිරි දින කිහිපය තුළ සංචාරය කිරීමට නියමිතව ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල දැනුම් දෙනවා.