අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 515 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 144ක්.
මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 96ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47ක් ද, සෙසු රෝගීන් 215 අනෙක් දිස්ත්‍රික්කවලින් ද වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මෙරට වෙෙරසය ආසාදනය වූ සමස්ත රෝගින් ගණන 44,370ක් වන අතර ඉන් පුද්ගලයින් 36,716ක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර එම වෛරසය වැළඳී මෙරට මිය ගිය සමස්ත ගණන 211ක් දක්වා ඉහළ ගියේ ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් වාර්තා වීමත් සමගයි.
අනන්‍යතාව හඳුනා නොගත් මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද ඊට අයත්.
එමෙන්ම අද උදෑසන වන විට රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථනවල රෝගීන් 7,443ක් ප්‍රතිකාර ලබමින් සිටියා.
ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 14,600ක් සිදුකර තිබෙනවා.
මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 4,735ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද නිවේදනය කෙරුණා.