News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

හොර වෛද්‍ය සහතිකයකින් ඩුබායි ගිය කොරෝනා රෝගියෙක්

477 Views


හොර වෛද්‍ය සහතිකයකින් ඩුබායි ගිය කොරෝනා රෝගියෙක්

එඩේරමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා අසාදනය වී තිබියදී හොර වෛද්‍ය වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා.

අදාල පුද්ගලයා ඉකුත් 24 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු බව හදුනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාල පුද්ගලයා නැවත වරක් වෙනත් පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගෙන තිබෙන අතර එහිදී ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබෙනවා. ඔහු මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා හමුවට ගොස් ඇති අතර එම කාර්යාලය මගින් යළිත් පී.සී.ආර්. කළ යුතු බව එහිදී පෙන්වා දී තිබෙනවා. ඒ නිසා ඔහු මේ බව පවසා තිබෙන අතර එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සදහන්කර තිබෙන්නේ නැවත PCR පරීක්ෂණයක් සිදු කර යුතු බවයි. ඒ අනුව සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව ලැබෙන තෙක් විදෙස්ගත වීමේ වෛද්‍ය සහතිකය නිකුත් කළ නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් අදාල PCR වාර්තාවෙන් ද ඔහු කොරෝනා අසදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර ඔහුව රෝහල් ගත කිරීම සදහා පැමිණි අවස්ථාවේ
සෞඛ්‍ය නිලධාරීන් ට දැනගන්නට ලබා ඇත්තේ ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි


News Articles
Latest Videos
Most Popular Post