News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

ගජමුතු ජාවාරමක තතු හෙළි වෙයි

652 Views


ගජමුතු ජාවාරමක තතු හෙළි වෙයි

ගජමුතු අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කළ වැටලීමකදීයි.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සතුව තිබී ගජමුතු 6ක් සොයා ගැනුණු බවයි.

එම පුද්ගලයා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රුපියල් මිලියන 15ක මුදලකට ගජමුතු අලෙවි කිරීමට සැළසුම්කර තිබූ බවයි අජිත් රාේහණ මහතා කියා සිටියේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උපාය දූතයෙකු මගින් අදාළ පුද්ගලයා සම්බන්ධකර ගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post