News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

හන්තානේ අභිරහස් මරණයක් – ඝාතනයක්දැයි සෙවීමට පරීක්ෂණ

720 Views


හන්තානේ අභිරහස් මරණයක් – ඝාතනයක්දැයි සෙවීමට පරීක්ෂණ

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

අදාළ ලැගුම්හලේ නාන කාමරයක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබෙන බවට එහි කළමනාකාරවරයා පොලිසිය දැනුවත්කර තිබුණා.

පසුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවත් නාන කාමරයේ ජනේලයක රෙදි පටියක් ගැට ගසා තිබූ බවයි.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් කාන්තාවන් දෙදෙනෙකු ද සමග ඉකුත් 31 වැනිදා රාත්‍රී අදාළ ලැගුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති අතර 2 වැනිදා ඉන් පිරිසක් පිටත්ව ගොස් තිබුණා.

ඉන් අනතුරුව කම්කරුවෙකු එම කාමරයේ නාන කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මෘත දේහය දැක ඒ පිළිබඳ කළමනාකාරීත්වය දැනුවත්කර තිබෙනවා.

එලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයකු බවට අනාවරණ වුණා.

මියගිය පුද්ගලයා සමග අදාළ ලැගුම්හල වෙත පැමිණි අනෙක් තිදෙනා පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ‍.

මෙය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post