News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

හෙරොයින් සමග දෙදෙනෙක් කොටු වෙයි

597 Views


හෙරොයින් සමග දෙදෙනෙක් කොටු වෙයි

හෙරොයින් ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු වන අතර එක් රියදුරෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක් ද අනෙක් රියදුරා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 20ක් ද සොයා ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, 30 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් එරාවූර් සහ චෙන්කලඩි යන ප්‍රදේශවල පදිංදිකරුවන්.

පොලිසිය පැවසුවේ, ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post