විදෙස් රටක නිෂ්පාදනය කළ පිස්තෝලයක් සහ හිස් පතොරම් ගැබක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, මාතලේ – ඉහළගම ප්‍රදේශයේදීයි.
31 හැවිරිදි හා 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.