News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

කොරෝනා වෙෙරසයේ නව ප්‍රභේද මෙරටට ඇතුළු වීමේ අවදානමක්

1003 Views


කොරෝනා වෙෙරසයේ නව ප්‍රභේද මෙරටට ඇතුළු වීමේ අවදානමක්

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළු වීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ජනතාව හැකි උපරිම අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දැක් වූ අදහස් පහතින් :

“ඒ සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කරුණු අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්”


News Articles
Latest Videos
Most Popular Post