සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩයම සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 157ක් පමණයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩයම වසර 117ක් පැරණි වාර්තාවක් බිද බිද හෙලුවා. ඒ පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී ලකුණු 60කට වැඩියෙන් ලබා ගනිමින් දැවී යන අවස්ථාවේ දී එම කණ්ඩායම ලබාගෙන තිබු අවම ලකුණු ගණන ලෙස සදහන් වුනා.
ඒ අනුව ආරම්භක පිතිකරු කුසල් ජනිත් ලකුණු 60 ක් රැස්කරමින් සිටියදී ඔහු දැවී ගිය අතර එහිදී දැවී අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 71ක් ලෙසයි.
මිට පෙර මෙම වාර්තාව එංගලන්තය විසින් පිහිටුවා තිබු අතර එහිදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කල ජොනි ටයිල්ඩ්සලී ලකුණු 62 ලබා ගෙන දැවී යන මොහොතේ එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 74ක් ලෙසයි.