News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

නව වසරේ උදාව සමරන්න ගිය 18 වියැති සිසුවා මෝටර් රථයකට බිලි

2474 Views


නව වසරේ උදාව සමරන්න ගිය 18 වියැති සිසුවා මෝටර් රථයකට බිලි

2021 නව වසරේ උදාව සැමරීම සදහා කොළඹ – ගාලු මුවදොර පිටියට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඔහු සිය ඥාතීන් සමග ගාලු මුවදොරට ගොස් ඇති අතර සිසුවා සහ ඥාතීන් වෙන් වෙන් වශයෙන් එහි ගොස් තිබූ බවයි.

ඥාතීන් ත්‍රිරෝද රථයකින් ද සිසුවා සිය යතුරුපැදියෙන් ද අදාළ ස්ථානයට ගොස් තිබුණා.

ඔවුන් ආපසු එමින් සිටියදී ජපන් මිත්‍රත්ව මාර්ගයේ, කිඹුලාවල මංසන්ධිය ආසන්නයේදී සිසුවාගේ යතුරුපැදිය මෝටර් රථයක ගැටී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා.

එලෙස මියගොස් ඇත්තේ, පිටකෝට්ටේ, පාගොඩ පාරේ පදිංචිව සිටි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවෙක්.

පශ්චාත් මරණ පරික්ෂණ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව, අදාළ මරණය හිසට, පපුවට හා උදරයට වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරික්ෂකවරයා නිගමනයකර තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post