කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කොවැක්ස් ක්‍රියාවලියට මෙරට ද ඇතුළත් වන අතර එමගින් කොරෝනා එන්නත් මාත්‍රා ලබා ගැනීම සහදා ශ්‍රී ලංකාවට හැකි වනු ඇති.