ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන චීන ජාතික ව්‍යාපාරික ජැක් මා මාස දෙකකට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදන්ව ඇතැයි සැක කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සැඟව සිටින බවට සැක කරන බවත් ඊට හේතුව චීනයේ පාලන තන්ත්‍රය විවේචනය කිරීමේ සිද්ධියක් විය හැකි බවට අනුමාන කරන බවත් විදෙස් පුවත්පත් වාර්තාවක සහදන්.
ජැක් මා පසුගිය ඔක්තෝබර් මස රටේ මූල්‍ය නියාමකයින් සහ රජය සතු බැංකු පිළිබද විවේචනාත්මක කථනයක්කර තිබූ බව පෙන්වා දෙන විදෙස් මාධ්‍ය පවසන්නේ, චීන පාලන ක්‍රමය විවේචනය කිරීම බරපතල කාරණයක් ලෙස එරට ඒක පාක්ෂික පාලක මණ්ඩලය සළකන බවයි.
ජැක් මා පෙනී සිටිය යුතුම අවස්ථා පවා මග හැරීම ඔහු අතුරුදන් වී ඇති බවට වන සැකය තීව්‍ර වීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.