News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
5

අල්ලස් ගත් මහනුවර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වැඩ වරදියි

473 Views


අල්ලස් ගත් මහනුවර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට වැඩ වරදියි

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ කළ වැටලීමකදීයි.

මහනුවර, කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහනගර සභාව මූලික අනුමැතියක් ලබා දී තිබුණා.

එම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබා ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුවයි නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post