News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
5

පැහැර ගත්, කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනමගේ සිරුර පුළුස්සා දමා තිබියදී සොයා ගනියි – 4ක් අත්අඩංගුවට

3506 Views


පැහැර ගත්, කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනමගේ සිරුර පුළුස්සා දමා තිබියදී සොයා ගනියි – 4ක් අත්අඩංගුවට

පසුගියදා පැහැර ගැනුණු තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ 65 හැවිරිදි හිමිනමගේ දේහය පුළුස්සා දමා තිබියදී සොයා ගැනුණා.

ඒ, කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියේදීයි.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට දින කිහිපයකට ඉහතදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි සිටි පිරිස දණගස්සවා අදාළ හිමිනම පැහැර ගෙන ගොස් තිබූ බවට තොරතුරු වාර්තා වුණා.

පොලිසිය පැවසුවේ ඒ සදහා එම පිරිස පැමිණි වෑන් රථය ද මේ වනවිට හදුනාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post