කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු මළ සිරුර තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ දෙනමක් විසින් හදුනා ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට පත් වූවන් අතර ආරණ්‍යයේ වාසය කරන කුඩා හිමි නමකගේ මව සහ පියා ද වන බවයි.
එම පුද්ගලයින් සහ පැහැර ගැනීමට ලක් වූ හිමිනම අතර පැවැති පෞද්ගලික ආරවුලක් අදාළ සිද්ධියට හේතු වී ඇති බවට අනාවරණ වී ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.
දින කිහිපයකට ඉහතදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමිනම පැහැර ගෙන ගොස් තිබූ බවට තොරතුරු වාර්තා වුණා.
පැහැර ගැනීම සදහා යොදා ගත් බව පැවසෙන වෑන් රථය ද මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.