අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නම් කෙරුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට සුළු මොහොතට පෙර දිවුරුම් දුන්නා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දුන්නේ සිව්වැනි වරටයි.
දිවුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා වෙන්කර ඇති මුල් පෙළ අසුනක අසුන් ගත්තා.