News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

රත්නපුරයෙන් තවත් කොරෝනා මරණ දෙකක් – ආසාදිත ගණන තවදුරටත් ඉහළට

491 Views


රත්නපුරයෙන් තවත් කොරෝනා මරණ දෙකක් – ආසාදිත ගණන තවදුරටත් ඉහළට

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ ගණන 215 දක්වා ඉහළ ගියා.

එලෙස මිය ගියේ රත්නපුර ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් 71 හැවිරිදි සහ 86 හැවිරිදි වියෙහි පසු වූවන්.

ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.

මේ අතර අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 468 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයට අනුව ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 183ක්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 73ක් සහ ගම්පහින් රෝගීන් 72ක් ද අනෙක් 139 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් ද වාර්තා වුණා‍.

මෙරට වෙෙරසය ආසාදනය වූවන් ගණන 41,476ක් වන අතර ඉන් පුද්ගලයින් 35,039ක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම අද උදෑසන වනවිට රෝහල්ගතව සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 7,212ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

ඊයේ දිනය තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 12,826ක්.

මේ අතර ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 4,945 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post