ඉකුත් 31 වැනිදා පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදීයි.
එලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසු වූ රැදවියෙක් වන අතර ඔහුට රැඳී සිටීමට උපකාර කළ පුද්ගලයාව ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එලෙස පළා ගිය පස් දෙනා අතුරින් තවත් පුද්ගලයෙකු පසුගියදා මාදම්පේ ප්‍රදේශයෙන් සොයා ගැනුණා.
අනෙක් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.