යාපනය විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඔහුගේ ඥාතීන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අදාළ සිසුවාගේ සිරුර ඉකුත් නොවැම්බර් මස විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ එල්ලෙමින් තිබියදී සොයා ගැනුණා.
එම සිසුවාගේ සොහොයුරා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ සිය දිවි නසා ගැනීමට තරම් ගැටළුවක් තම සහෝදරයාට නොතිබූ බවයි.
ඒ හේතුවෙන් මෙය ඝාතනයක් බවට සැක කරන බවයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
මිය ගිය විශ්වවිද්‍යාල සිසුවාගේ සොහොයුරා සිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ තම සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
පසුගිය නොවැම්බර් මස 17 වැනිදා එලෙස අභිරහස් ලෙස මිය ගොස් තිබුණේ, විදම්බරනාදන් ඉලන්කුන්රන් නමැති සිසුවායි.