News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

වාන් දැමුණු කණ්ඩලමේ ජනයා දිය කෙළියේ යෙදෙන හැටි

1424 Views


වාන් දැමුණු කණ්ඩලමේ ජනයා දිය කෙළියේ යෙදෙන හැටි

ඉහල ප්‍රදේශ වල‍ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කන්ඩලම ජලාශය ඊයේ දිනයේ සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම තත්වය මත වාන් දැමුණු කන්ඩලම ජලාශයේ දිය නෑමට, එය බැලීමට බොහෝ ජනතාවක් උනන්දුවක් දක්වන බව පොලිසිය සදහන් කරනවා. ඒ අසල මාර්ගයද ගලා යන ජලයෙන් යට වී තිබෙන අතර ඒ හරහා ජනතාව යතුරු පැදි, බස් රථ පවා ධාවනය කරමින් ද ඇතැම් පිරිස් වැව් බැම්ම මත ඇවිදමින් ද යන බවට වාර්තා වෙනවා.

මෙසේ අනතුරු ගැන නොසිතා ජනතාව හැසිරෙන අන්දම පොලිසිය විසින් හෙලා දකින අතර පොලිසිය විසින් සිදු කරනු ලැබූ අවවාද ද නොතකා විශාල පිරිසක් මේ ප්‍රදේශයට පැමිණෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post