News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

රුපියල් ලක්ෂ හයක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

592 Views


රුපියල් ලක්ෂ හයක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත්කර දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා පවසා ඇත්තේ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග තමන්ට සමීප සබදතා පැවැතීම හේතුවෙන් දරුවා අදාළ පාසලට ඇතුළත්කර දීමට හැකි බවයි.

ඒ සදහා රුපියල් ලක්ෂ හයක මුදලක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබුණා.

කෙසේ වෙතත් එම පුද්ගලයා සිදු කළ වංචාව හසුකර ගැනීමෙන් පසුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත් වුණේ බෙන්තොට, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post