නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1,128 ක් මෝදර ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ කහ තොගය මුහුදු මාර්ගයෙන් දිවයිනට රැගෙනවිත් තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර එලෙස නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද කහ තොග ගණනින් පසුගිය කාලයේදී රේගු භාරයට පත් වුණා.
එහි ආසන්නතම සිදු වීම වාර්තා වුණේ ඉකුත් 4 වැනිදායි.
මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් නීති විරෝධී ලෙස ගෙන් වූ කහ තොගයක් එදින රේගු භාරයට ගැනුණු අතර රේගු නිලධාරීන් පැවසුවේ කහ කිලෝග්‍රෑම් 7,500 ක් එලෙස සිය භාරයට ගත් බවයි.
එම තොගයෙහි වටිනාකම රුපියල් 15,000,000ක්.
එමෙන්ම එම කහ තොගය සමග තිරිගු පිටි කිලෝ කිලෝග්‍රෑම් 11,850ක් ද සොයා ගැනුණා.
ඊට අදාළ ඡායාරූප පහතින් :



