වයස අවුරුදු 07 දරුවෙකුට හට උණු වතුර බෝතලයෙන් පහර දී තුවාල සිදු කල ආබාධිත සෙබළ පියෙක් ගැන පුවතක් වාර්තා වෙනවා. පාදයක් අහිමි වීමෙන් ආබාධිත තත්වයේ පසු වන සෙබළ පියෙක් විසින් තම තෙවැනි දරුවාට උණු වතුර බෝතලයෙන් පහර දී තිබෙන බව පැවසෙන අතර එම දරුවා මේ වන විට කෑගල්ල මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අදාල දරුවාගේ මව සිය පියා ඇරලවීමට නිවෙසින් බැහැර ව ගොස් සිටි අවස්ථාවේ දී නිදාගෙන සිටි වයස අවුරුදු 07 ක පමණ මෙම දරුවාට උණු වතර බෝතලින් පහර දි තිබෙන අතර මව නැවත සිය නිවෙස වෙත පැමිණි අවස්ථාවේ දී හඩමින් නාසයෙන් ලේ පෙරමින් සිටි දරුවා දැක මව ද විමතියට පත් ව කල විමසීමේදී දරුවා ප්‍රකාශ කර ඇත්තේ සිය පියා මෙලස පහර දුන් බවයි.
ආබාධිත තත්වයේ පසු වන සෙබළ පියා නිරන්තරෙන් මෙලෙස මත් පැන් පානය කර දරුවන් ට හා බිරියට පහර දෙන බවට කරුණු අනාවරනය වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ