News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
7

කොඩිකන්ද ආරණ්‍ය හිමිනම ඝාතනයට මුල් වූ තවත් 4ක් කොටුකර ගනියි – 4ක් රක්ෂිත බන්ධනාගාරයට

697 Views


කොඩිකන්ද ආරණ්‍ය හිමිනම ඝාතනයට මුල් වූ තවත් 4ක් කොටුකර ගනියි – 4ක් රක්ෂිත බන්ධනාගාරයට

තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය එක්ව කළ විමර්ශනයකදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මේ වනවිට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සිව් දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ඔවුන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post