News Line| Off Air
Generic placeholder image

Jan
7

පුතාගේ පොලු පහරින් පියා, සීයා සහ ආච්චි රෝහලේ

628 Views


පුතාගේ පොලු පහරින් පියා, සීයා සහ ආච්චි රෝහලේ

මීගහකිවුල ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පහරදීමකින් ඔහුගේ පියා, මුත්තනුවන් සහ මිත්තණිය රෝහල්ගතකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය පියා ඇතුළු පිරිස පදිංචි නිවසට පැමිණ ඔවුන්ට පොල්ලකින් පහර දී ඇති බවයි.

එම පහර දීමට හේතුව මෙකෙන් අනාවරණ වී නැහැ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයාගේ පියා, මුත්තනුවන් සහ මිත්තණිය මීගහකිවුල රෝහලට ඇතුළත් කෙරුණා.‍

පොලිසිය පැවසුවේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන් තිදෙනා බදුල්ල මහරෝහල වෙත මාරුකර යැවීමට කටයුතුකර ඇති බවයි.

පහර දීම සිදු කළ පුද්ගලයා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post