News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

නිවසක් තුළ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල කපා මරා දමයි

5843 Views


නිවසක් තුළ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල කපා මරා දමයි

පිළියන්දල, දම්පරගහවත්ත ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 31 වැනිදා රාත්‍රී එම කාන්තාව නිවසේ තනිව සිට ඇති අතර අදාළ පුද්ගලයා නිවසට පැන තිබුණේ මුදල් හෝ වටිනාකමක් ඇති යම් භාණ්ඩයක් සොරා ගැනීමේ අරමුණින්.

එම අවස්ථාවේ රූපවාහිනිය නරඹමින් සිටි කාන්තාව නිවසට ඇතුළු වූ පුද්ගලයා දැක කලබලයට පත් වී ඔහුව බදා කෑ ගැසීමට යාමේදී සොරකමේ පැමිණි පුද්ගලයාගේ අතෙහි වූ පිහිය ඇගේ ගෙල ප්‍රදේශයට තබා බිය වද්දා තිබුණා.

ඉන් බේරීමට උත්සාහ දැරීමේදී පිහිය ගෙලෙහි ඇණී බරපතල තුවාල ලැබූ කාන්තාව මියගොස් තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා නිවස සෝදිසිකර එහි තිබූ රුපියල් 2,700 මුදලක් ද රැගෙන ඉන් පළා ගොස් තිබුණා.

අනතුරුව සිදු කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව තමන් අතින් මරණයට පත් වූ බවත් ඇය සමග පොර බැදීමේදී ඇය තමන්ට මන්නා පිහියකින් පහර දුන් බවයි.

එමෙන්ම කාන්තාව මරණයට පත් වීමෙන් පසු තමන් නිවසේ තිබූ රුපියල් 2,700ක මුදල ද රැගෙන ඉන් පළා විත් ලේ තැවුරුණු සිය ඇදුම් සෝදා දමා, ඝාතනය සිදු කළ පිහිය බොල්ගොඩ ගඟට විසි කළ බවත් ඔහු පවසා තිබුණා.

ඒ අනුව එම පිහිය ද බොල්ගොඩ ගගෙන් සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර එම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

එලෙස ඝාතනයට ලක් වුණේ, පිළියන්දල – හැඩිගම, දම්පරගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් වන අතර ඇය එක් දරු මවක් ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post