පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව සිටි සයමස් ගැබිණි කාන්තාවක් පසුගියදා ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
ඇයට ඇති වූ ශ්වසන අපහසුතාව මත ප්‍රතිකාර සදහා ප්‍රථමයෙන් පෞද්ගලික වෙෙද්‍ය මධ්‍යස්ථාන දෙකක් වෙත ගෙන ගොස් ඇති බවත් එහිදී ලද වෙෙද්‍ය උපදෙස් මත රජයේ රෝහලක් වෙත අදාළ කාන්තාව ඇතුළත්කර ඇති බවත් පොලිසිය පැවසුවා.
එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිරුර සම්බන්ධයෙන් පැවැත්වූ කොරෝනා පරීක්ෂණවලදී ඇයට වෙෙරසය වැළදී නොමැති බවට ද තහවුරු වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.
දෙවැනි දරු ප්‍රසූතිය සදහා සූදානමින් සිටි එම කාන්තාව මාස 6 පුරාවට ඒ සම්බන්ධ වෙෙද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැද ඇති බවයි ඥාතීන් පැවසුවේ.
එලෙස මියගියේ 29 හැවිරිදි කාන්තාවක්.