ඉදිරි පැය 24 සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, ට්විටර් සමාගම ද පැය 12ක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි.
ට්විටර් සමාගම පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ප්‍රතිපත්තිය දැඩි ලෙස උල්ලංඝණයකර ඇති බවයි.
ඒ හේතුවෙන් ඔහු පළකර තිබූ ට්විටර් පණිවිඩ තුනක් ඉවත් කිරීමට ද පියවර ගත් බව එම සමාගම ප්‍රකාශ කළා.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් එහි දේපළවලට ද හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමත් සමග දැඩි නොසන්සුන්තාවක් හටගත්තා.
එහිදී ඇති වූ විරෝධතාවක් අතරතුර කාන්තාවක් ද ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.