News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
7

ට්‍රම්ප්ට Facebook යන්නත් තහනම් කරයි

516 Views


ට්‍රම්ප්ට Facebook යන්නත් තහනම් කරයි

ඉදිරි පැය 24 සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය Facebook ගිණුම හරහා අදහස් පළ කිරීම අවහිර කිරීමට එම සමාගම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, ට්විටර් සමාගම ද පැය 12ක් සඳහා ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ගත් තීරණයෙන් අනතුරුවයි.

ට්විටර් සමාගම පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ප්‍රතිපත්තිය දැඩි ලෙස උල්ලංඝණයකර ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු පළකර තිබූ ට්විටර් පණිවිඩ තුනක් ඉවත් කිරීමට ද පියවර ගත් බව එම සමාගම ප්‍රකාශ කළා.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් එහි දේපළවලට ද හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමත් සමග දැඩි නොසන්සුන්තාවක් හටගත්තා.

එහිදී ඇති වූ විරෝධතාවක් අතරතුර කාන්තාවක් ද ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post