News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනය කළඹයි – කාන්තාවකුත් මරුට, ට්විටර් සීමා වෙයි (ඡායාරූප)

490 Views


ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනය කළඹයි – කාන්තාවකුත් මරුට, ට්විටර් සීමා වෙයි (ඡායාරූප)

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ඊට දැඩි අලාභහානි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පිරිස අවි අතැතිව බලහත්කාරයෙන් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී දේපළවලට ද හානිකර, එහි පාලනය සියතට ගැනීමට කටයුතුකර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප්ට සහයෝගය දක්මින් පැවැති විරෝධතාවක් අතරතුරදී මෙම තත්ත්වය උද්ගතව තිබූ අතර ගැටුම පාලනයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

එහිදී විරෝධතාවයේ නිරත වූ කාන්තාවක් මිය ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විරෝධය හටගෙන ඇත්තේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ජයග්‍රාහී ප්‍රතිඵලය තහවුරු කිරීමේ විවාදය අතරතුරදීයි.

එහිදී ද ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට රිපබ්ලිකන් නීති සම්පාදකයින් උත්සාහ දරා තිබුණ ද එය අසාර්ථක වූ බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිත අතර ඊට අදාළ උත්සවය පැවැත්වෙන්නේ ද කැපිටල් ගොඩනැගිල්ලේ වීම විශේෂත්වයක්.

හටගත් තත්ත්වය හමුවේ වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා තිබෙනවා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12ක කාලයකට අවහිරකර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසුවා.

ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කළ ට්‍රම්ප්


News Articles
Latest Videos
Most Popular Post