ඇමරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට පහර දීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 4 දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි.
මේ අතර ඇමරිකාවේ තේරී පත් වූ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය දක්වා වොෂින්ටන් අගනුවර මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන් කටයුතුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් දින 15කින් එම තත්ත්වය දීර්ඝ කිරීමට තීරණය වී ඇති බවයි.