News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක්

586 Views


නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක්

නීතිවිරෝධී ලෙස නළ ජලය භාවිත කළ පොලීසියක් පිළිබඳව පුවතක් වාර්තා වෙනවා. ඒ හෝමාගම ප්‍රදේශයෙන්. ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය කරන ලද විමර්ශනකට අනුව ජලය ලබා ගත් නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන තිබෙනවා.

හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර එයින් තුනක් විසන්ධි කර තිබෙන අතර ඒ විසන්ධි කරන ලද නල මාර්ගයක් උපයෝගී කරගෙනයි මෙලෙසනීතිවිරෝධී ලෙස යළිත් ජලය ලබාගෙන තිබූ බවයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

මේ තුලින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post