News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
8

දෛනික ආසාදිතයින් ගණන 524 දක්වා ඉහළට

536 Views


දෛනික ආසාදිතයින් ගණන 524 දක්වා ඉහළට

අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

අද පස්වරු කාලයේ ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රී කාලයේ තවත් ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 43,547ක්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 656 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ මුළු ගණන 40,000 පසු කළා.

එම සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 40,317ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post