ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ යානය ජකර්තා අගනුවරින් ගුවන් ගත වී මිනිත්තු 5කට පසුව ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටී ඇති බවයි.
ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කිරීමට ගමන් අරඹා තිබුණා.
එලෙස අතුරුදන් වී ඇත්තේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක්.
අදාළ යානයේ මගීන් 56 දෙනෙකු සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.