කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 5 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව සිට කතාබහ කරන අයුරු CCTV දර්ශන මගින් හඳුනා ගෙන තිබුණා.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පසුගිය සිකුරාදා හකීම් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හකීම් මන්ත්‍රීවරයා ආසන්නයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපයේ සිටීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව, අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස සහ ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි දැනුම් දී ඇත්තේ.