ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානය, පුද්ගලයන් 62 ක් සමග බටහිර කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර අතුරුදහන් වුවා.
යානය අනතුරට ලක්වනු දුටු බව පැවසෙන ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් සදහන් කරන පරිදි එම ප්‍රදේශයේ මුහුද අවට මේ වන විට සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.
ගුවන් යානය පියාසර කෙරෙනු කාල වකවානුව තුල අධික වර්ෂාවක් ඇද හැලුණු බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම ගුවන යානය වසර 26 ක් පමණ පැරණි බවද පැවසෙනවා. කෙසේ වෙතත් සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව එරට බලධාරීන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.